නවසීලන්ත පිතිකරු රයිඩර් යහපත් අතට


පිරිසගේ පහර කෑමකට ලක්ව බලපතල තුවාල ලැබීමෙන් ක‍්‍රයිස්චර්ච්හි රෝහලක හදිසි ප‍්‍රතිකාර අංශයේ ප‍්‍රතිකාර ලබමින් සිටි නවසීලන්ත ප‍්‍රවේගකාරි පිතිකරු ජෙසී රයිඩර් එම අශයෙන් ඉවත්ව සාමාන්‍ය වාට්ටුවක ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ. මේ වන විට ජෙසී රයිඩර්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වාර්තා වේ.

තමන් මේ වන විට හොඳ තත්ත්වයෙන් සිටින බවත් රෝහල්ගතව සිටියදී තමන් පිළිබඳව අවධානයෙන් සිටි සියලූ දෙනාට ස්තූති කරන බවත් පවසමින් රයිඩර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.  

ක‍්‍රයිස්චර්ච්හි මත්පැන් හලකින් පිටව යද්දී රයිඩර් පසුගිය බදාදා රාත‍්‍රි පිරිසකගේ ප‍්‍රහාරයට ලක්විය.