නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන අඟහරුවාදා රාත්‍රී (23) දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා 24 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රජයේ උත්තමාචාර දැක්වීමේ ප්‍රධාන උත්වසයක් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.

