නවසීලන්ත අගමැති 23 දා ශ්‍රී ලංකාවට


නවසීලන්ත අගමැති ජෝන් කී මහතා පෙබරවාරි 23 දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන අවධානය යොමු කිරීමටත් ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටත් නියමිත බව ද එම කාර්යාලය දන්වා සිටියි.