නවමස් ගැබිනිය ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට


(ගයාන් සූරිය ආරච්චි)

මුදල් ආරවුලක් මත  නවමස් ගැබිනි බිරියගේ ගෙල රෙදි සිරකර ඝාතනය කළ බව කියන සැමියා අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය , එනසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු හා මියගිය කාන්තාව විවාහ නොවී දෙනියාය, එනසල් වත්ත ප්‍රදේශයේ නිවසක ජීවත් වී ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මොවුන් දෙදෙනාම කම්කරු රැකියාවේ නිරත වන බව පොලිසිය කියයි.

සිද්ධිය වූ දින මුදල් ආරවුලක් මත දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබූ අතර එහිදී සැකකරු විසින් නව මස් ගැබිණි බිරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙසේ ඝාතනය කර ඇත්තේ දෙනියාය, එනසල් වත්ත ප්‍රදේශයේ පදිංචි ආර්. ඉෂාන්ති නැමති 24 හැවිරිදි කාන්තාවකි.