ඉන්දියාවේ නව අගමැති භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට එන්නැයි මහින්ද රාජපක්ෂ ජනපතිට කළ ඇරැයුම පිළිගෙන ඇත. මේ උත්සවය ලබන 26 වැනි දාට නියමිතය.
දකුණු ආසියා සාක් රටවල සියලුම රාජ්‍ය නායකයන්ට මේ සඳහා ඇරැයුම් කර ඇති අතර එය ඉන්දියා නව නායකයාගේ ‘රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රණයක්‘ ලෙස ඉන්දියා මාධ්‍ය හඳුන්වයි.
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට ද ඇරැයුම් කිරීම නිසා එම පද දෙක නිර්මාණය කර ඇති බව ඉන්දියා ආරංචි කියයි.
නරේන්ද්‍ර මෝදි පන්දුව පාකිස්තාන අගමැති පැත්තට දමා ඇතැයි ද, ඔහු ඊට කෙසේ පහර දේදැයි බලා සිටින බව ඉන්දියා මාධ්‍ය පවසයි.
‘කාඩ් කුට්ටමෙන් නරේන්ද්‍ර මෝදි ආසියා තෝරාගෙන තියෙනවා. නවාස් ෂරීෆ් කුමකින් සෙල්ලම් කරත්දැයි නොදනී.‘ යනුවෙන් ද ඉන්දියා මාධ්‍ය කියයි.
නවාස් ෂරීෆ් ඊට සහභාගී නොවිය යුතු බව පාකිස්තාන හමුදා මතය බවත්, එහෙත් මේ උත්සවයට යනවා ද නැද්ද යන්න අද ඔහු තීරණයක් ගන්නා බවත් පාකිස්තාන ආරංචි කියයි.
මහින්ද රාජපක්ෂ ජනපතිට ඇරැයුම් කිරීම ගැන තමිල්නාඩු මහ ඇමැතිනි සිය උදහස පළකරමින් පවසනුයේ එය හරියට දෙමළ තුවාලයට ලුණු දමා ඇතිල්ලීමක් බවයි.
වැඩ භාර ගැනීමේ උළෙලට සහභාගී වන ලෙස කළ ඇරැයුම ස්තුති පූර්වකුව පිළිගත් බවත් ඊට සහභාගී වීමට ආශාවෙන් සිටින බවත් මහින්ද රාජපක්ෂ ජනපති සිය ට්විට් පණිවුඩයෙන් කියයි.

