(නිමන්ති රණසිංහ)
පොලිස් කොමිසමේ ලේකම් ලෙස පෙනී සිටිමින් නවගමුව පොලිස් ස්ථානාධිපතිට බලපෑම් එල්ල කළ බව කියන රාජ්‍ය නොවන සංවිධානයක මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකවරයකු අප්‍රේල් 26 දක්වා රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (12) නියෝග කළේය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නිදහස් කරන ලෙස මොහු නවගමුව පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කර ඇතැයි කියති. එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ ඩී.එච්.සුපුන් ප්‍රසාද් නමැති රත්මලානේ පදිංචිකරුවෙකි.

