නවගමු ඕඅයිසී වීරයෙක් වෙන්න හදයි


අද රාත්‍රී 8 වන විටත් බැසිල් රාජපක්ෂ හා අනෙක් දෙදෙනා උසාවියට ඉදිරිපත් කර නොතිබූ අතර නවගමු පොලිස් ස්ථානාධිපති එහි සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් උසාවි ගේට්ටුවෙන් එළියට දැමීමට ලොකු උත්සාහයක් ගත්තේය.

මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ඔහු එසේ ක්‍රියා කළත් දේශපාලනඥයෝ ඇතුළු තෝරාගත් පිරිසකට එහි ඇතුළු වීමට ඉඩ දුන්නේය.

මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ඔහුට ඇති බලය කුමක්ද? එම බලය ලැබුණේ කෙසේද යන්නයි.

බැසිල් ඇතුළු තිදෙනාට සහාය දීමට නාමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, උදිත ලොකු බණ්ඩාර, සුසන්ත පුංචිනිළමේ, සුසිල් ප්‍රේම්ජයන්ත්, ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරු රැසක් කඩුවෙල උසාවි භූමියට මේ වන විට පැමිණ සිටිති.

IMG_7427 IMG_7432

ඡායාරූප - ලහිරු හර්ෂණ