නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වූ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ පුණ්‍යසේනගේ සිරුර ළිඳකින් හමුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියෙන් ඉල්ලයි.
එම නඩුවේ සුසිලා හේරත් මහත්මියගේ ජයග්‍රහණයට පුණසේනගේ සාක්කිය බෙහෙවින් වැදගත් වී යැයි ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

