නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධව පොලීසියට දුන් කට උත්තරය ඉවත්කරගත් එම පාසලේ නියෝජ්‍ය විදුහල්පති වෘත්තිය විශ්වාසය කඩ කළැයි කියමින් එම විද්‍යාලයයේ ගුරුවරු 30 දෙනාගෙන් 24 දෙනෙක් අද (04) ලෙඩ නිවාඩු දමා සේවය වර්ජනය කළහ.
විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති ඇතුළු සමස්ථ අධ්‍යන කාර්ය මණ්ඩලය 33 ක් සිටින අතර සේවය වර්ජනය කළ ගුරුවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම නියෝජ්‍ය විදුහල්පති පාසලෙන් ඉවත්කරන ලෙසයි.