පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨ සිසුන් විසින් පුද්ගලික නිවසක වදකාගාරයක් පවත්වාගෙන යෑමේ චෝදනාවට ලක්වූ සිසුන් 15 දෙනා හට 22 වැනි දා සිට ඔවුන්ගේ පංති තහනම් කළ බව විශ්වවිද්‍යාල විනය පාලක ආචාර්ය හිටිනායක මහතා කියයි.
ප්‍රධාන පරීක්ෂණය දක්වා ඔවුන්ගේ පන්ති තහනම් වෙන බවත් මුලික පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව ප්‍රධාන පරික්ෂණය පැවැත්වෙන බවත් ඒ සදහා මාස තුනක පමණ කාලයක් ගතවෙන බවත් ඒ මහතා පවසයි.
ඉන්පසු ඔවුන් ගැන තීරණයක් ගන්නා බව විනයපාලක වරයා ප්‍රකාශ කරයි.
නවක වදයට ලක්වූ සිසුන් 8 දෙනාහට ශාරීරික අබාධ සිදුවී නොමැති බවත් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වෛද්‍යවාර්තාවක් ලබාගැනීමට ඉදිරිපත් කළ බවත් පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂක ජයබන්දු හේරත් මහතා කියයි.

