නවක වදය දුන්නැයි රිමාන්ඩ් සිටි කැලණියේ සිසුහු දෙකකට ඇප


( ඩබ්ලිව් ඩී ඵමි විතානගේ ) 

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට නවක වදය ලබා දීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය සිදු කොට මහර අධිකරණයට ඉදිරිපත් කරන ලද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු දැඩි කොන්දේසි  ඇප මත මුදා හැරීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් සමන් දිමුතු කුමාර පරණ ලියනගේ අද ( 7) පස්වරුවේ නියම කෙළේය 

මේ අනුව මේ සිසුන් දෙදෙනා දිර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීම සම්බන්ධව අවධානය යොමු කරමින් එම සිසුන් දෙදෙනා රුපියල් 7500 /--බැගින් වු මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින බව පැවසූ  මහේස්ත්‍රාත්වරයා ඔවුනට මාස දෙකකට වරක් අවසන් ඉරුදින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට හා   විදේශ ගමන් තහනම් කරන බවට ද නියෝග කෙරිණි. 

තවද ඇප කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත  කළහොත් ඇප ලබා ගත යුත්තේ මහාධිකරණයෙන් බවට ද මහේස්ත්‍රාත්වවරයා ඔවුනට කීය.

තවද  සාක්කිකරුවන්ට බලපෑම් නො කළ යුතු බවටත් විශ්ව විද්‍යාල සිසුන්ට කිසිම අයුරකින් හිරිහැර නොකළ යුතු බවටත් ඔවුනට වැඩිදුරටත් කීය 

මෙසේ ඇප මත මුදා හැරිනූ ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයේ දිල්ශාන්  හර්ෂණ විජේසිරි හා කැලුම් මුදන්නායක යන සිසුන් දෙදෙනා ය.