(අජන්ත කුමාර අගලකඩ)
රටට ගැළපෙන නව වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති කැබිනට් රැස්වීමට මීට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයින්,විද්වතුන්,ව්‍යවසායකයින් ඇතුළත් වන පරිදි මෙම කමිටුව පත් කිරීමට තීරණය වූ බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කමිටුවට පත් කරන විද්වතුන්ගේ , වෘත්තිකයින්ගේ හා ආයෝජකයින්ගේ නම් ලැයිස්තුව ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද ඇමැතිවරයා කීවේය.

