නව විනිසුරු හරසරින් පිළිගනී


බහු වාර්ගික සමාජයක සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරැකීමට තමා බැඳී සිටින බව  නව අග විනිසුරු මොහාන් පීරිස් මහතා අද ප්‍රකාශ කෙළේය. පීරිස් මහතා පිළිගැනීමට උපරිමාධිකරණයේ පැවැති උත්සවයේදී ඔහු පැවැසූයේ මානව හිමිකම් සුරැකීමේ රජයේ වැඩ පිළිවෙළට අධිකරණය උපරිම සහාය ලැබෙන බවයි.  ශ්‍රි ලංකා නීතිඥ සංගමය කලින් ගත් තීරණයක් අනුව මෙම උත්සවයට සහභාගී වූයේ නැත. නීතිඥවරුන් වෙනුවෙන් ලංකා බැංකුවේ සභාපති නීතිඥ රසීක් පාරුක් මහතා ද නීතිපති ද  අගවිනිසුරුට සුභපතමින් කථා කළහ. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ සියලු විනිසුරුවරු පැමිණ සිටියහ.