නව විදුලි බිලට විදුලි සේවකයන්ගේ විරෝධය
විදුලි බිල වැඩිකිරීමට විරෝධය පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ 2009 මාර්තු මාසයේ 03 වැනිදා පනතකින් ස්ථාපිත කරන ලද මහජන උපයෝගීතා කොමිසම පිහිටුවම සම්බන්ධයෙන් පවා තම වෘත්තීය සමිතිය විරෝධය දැක්වූ බවයි. මහජන අදහස් විමසන බව පවසමින් එම කොමිසම රජයේ අවශ්‍යතාව ඉටුකැර ඇති බවත් එය මහජනතාවගේ පාර්ශවයෙන් සළකා බැලීමක් නොවන බවත් ජයලාල් මහතා කියා සිටියේය.