නව විදුලි ගාස්තු එපා


 නව විදුලි ගාස්තු වැඩි කිරීම ගෘහස්ථ පාරිභෝගිකයන්ට ඉතාමත් අසාධාරණයක් යැයි  සදහන් කරමින්  එමගින්  ජනතාවගේ   මුලික අයිතිවාසිකම්  කඩ වන හෙයින්    එම ක්‍රමය  අත්හිටුවිමට නියෝග කරන ලෙස ඉල්ලා ‘මානව අයිතිවාසිකම්  සදහා නීතීඥයෝ‘  සංවිධානයේ නීතී නිලධාරී ජේ. කේ රත්නා දයාංගනී  මෙනවිය  ගොනු කළ  මුලික අයිතිවාසිකම් පෙත්සම  අඟහරුවාදා (21) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස  ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ  සමාන්‍යධිකාරී  නිහාල්  වික්‍රමසිංහ ,මහජන උපයෝගීතා කොමිසමේ හි සභාපතිනි ආචාර්ය උපතිස්සද කොස්තා  මහතා සහ  නීතිපති නම්කරනු ලැබ සිටිති.