නව ව්‍යවස්ථාවෙන් පසු උතුරටත් හිරු පායයි


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උතුරේ අර්බුදයට වෙනම දේශපාලන විසදුමක් ගෙන නොඑන බවත්, 13 වැනි සංශෝධනයේ වෙනස්කම් කිහිපයක් සිදුකරන බවටත් රජය දෙමළ ජාතික සන්ධානය සමග කියා ඇතැයි උතුරේ පළ වන උදයන් පුවත්පත වාර්තා කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමෙන් පසු දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂ හා සාකච්ඡා කර උතුරේ අර්බුදයයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන එන බව රජය දෙමළ ජාතික සන්ධානයේ නායක හා  විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහාතා වෙත දැනුම් දී ඇති බවද එම පුවත්පත පවසයි.