නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද (21) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
විශේෂයෙන්ම රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ ස්වාධීනභාවයට හානි කෙරෙන ආකාරයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන කිසි ලෙසකින්වත් ඉදිරිපත් නොකරන බවද අමාත්‍යවරයා කීය.
දැනට පවතින විධායක ජනාධිපති ක‍්‍රමය සහ මුලින් ඉවත් නොකිරීමට පක්ෂය තීරණයක් ගත් බවද එස්.බී දිසානායක අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

