(අමල් වික‍්‍රමරත්න )
ගාල්ල ක‍්‍රීඩා මණ්ඩපයේදී අද (28) පැවති නව ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත‍්‍රණයකට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා පොලිසිය මැදිහත්වී ඔවුන් ශාලාවෙන් ඉවත් කෙරිණි.
මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කථිකයන් ලෙස වික‍්‍රමබාහු කරුණාරත්න නව ආණ්ඩුක‍්‍රම සම්පාදක මණ්ඩලයේ සභාපති ලාල් විජේනායක යන මහත්වරුන් සහභාගී වූ අතර ගාල්ල පුරවැසි බලය එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණි.
ප‍්‍රධාන දේශකයන් තම අදහස් දැක්වීමෙන් අනතුරුව ජනතාවට අදහස් දැක්වීමට දුන් අවස්ථාවේ මෙම ගාලගෝට්ටිය ඇතිවිය.
කළහකරුවන් දිගින් දිගටම දේශකයන්ට අශෝභන ආකාරයෙන් බැන වැදීම නිසා ගාල්ල පොලිසියට කිසියම් අයකු කරනලද දැනුම් දීමකින් පොලිස් නිලධාරීන් වහාම එතැනට පැමිණ ඔවුන් ඉවත්කොට සාකච්ඡාවට ඉඩකඩ සලසා දෙන ලදී.

