(බිඟුන් මේනක ගමගේ)
ව්‍යවස්ථා සංශෝධනයකට මිස නව ව්‍යවස්ථාවක් සම්පාදනයට තමා කැප නොවන බව ජනාධිපතිවරයා ශ්‍රීලනිප විධායක සභාවට හා මධ්‍යම කාරක සභාවට සහතික වී යැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
කොළඹ 7, පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව පැහැදිලිව සඳහන් කළේ යැයි ද එම අදහස කාරක සභා සාමාජිකයන් විසින් ඒකමතිකව ස්ථිර කරනු ලැබී යැයි ද විජිත් විජයමුනි සොයිසා මහතා අවධාරණය කර කීවේය.
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙමින් පවතින බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා කරන ප්‍රකාශය එජාප මතය විය හැකි නමුත් එය ශ්‍රීලනිප ස්ථාවරය නොවන්නේ යැයි ද විජයමුනි සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

