විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ආ චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ 120 ක් සමග ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවන් කොළඹ පදිංචි රෙදි පිළි ව්‍යාපාරිකයන් වන අතර මින් එක් අයෙකු ලග චන්ද්‍රිකා ග්‍රාහක 50 ක්ද අනෙකා ලග 70 ක්ද තිබූ බව රේගුව කියයි. මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සමග පැමිණී තවත් පුද්ගලයෙකු තවත් චන්ද්‍රිකා ග්‍රාහක 65 ක් සහිත ගමන් මල්ලක් ගුවන්තොටුපොළේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව රේගුව කියයි.
අත්අඩංගුවට ගත් චන්ද්‍රිකා ග්‍රාහක වල වටිනාකම රුපියල් නව ලක්ෂ විසිපන්දහසක් බවට රේගුව ගනන් බලා ඇත.
නිතර නිතර ඉන්දියාවට යන බව කියන මොවුහු ඊයේ ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබිලිව්. 252 දරණ ගුවන යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ඇත.
සැකකරුවෝ මෙම භාන්ඩ ගමන් මලූ කිහිපයක බහා මෙහි ගෙනවිත් තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ, දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන හර්ෂ ජයතිලක, රංජිත් අල්විස්, චන්දන විජේසේකර සහ නියෝජ්‍ය රේගු අදිකාරීවරුන් වන එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ශ‍්‍රී ලාල් විජේවර්ධන, එම්.එම්.එස්.සී කුමාර යන නිලධාරිහූ සිදු කරති..