නව රජයේ ජයග්‍රහණ ගැන රටවල් 24කට කියයි


ගතවූ මාස 04ක කාලය තුළ රජය විසින් අත්කර ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා රටවල් 24ක විදේශ තනාපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු දැනුවත් කිරීමේ හමුවක් අඟහරුවාදා පැවැත්විණි. 

විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැති හමුවේදී රටේ අනාගතය සදහා ඇති සැලසුම් පිළිබඳව සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, පරිපාලන හා සංස්කෘතික වෙනස්කම් හරහා ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කිරිම සඳහා ගනු ලබන උත්සාහයන් පිළිබදව දැනුවත් කිරීමට මෙම හමුව උපයෝගී කර ගැනුණී.

විවිධ ජනවාර්ගික, සංස්කෘතික හා බහු භාෂා වලින් සමන්විත සමාජයක් තුළ සියලූ ජනයාගේ විචිත්‍රභාවය මෙන්ම පරිපුර්ණ හා සමාන පුරවැසිභාවයක් අත්විඳිය හැකි සමාජයක් ගොඩ නැගීම සදහා රජය විසින් ගනු ලබන තීරණාත්මක වැදගත්කමින් යුත් ප්‍රයත්න පිළිබඳවත් සමරවීර මහතා සඳහන් කළේය.