නව මහලේකම් කුෂානි වැඩ අරඹයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරයා ලෙස පත්කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(23) නිවේදනය කළේය.

කතානායකවරයා එම නිවේදනය කරන අවස්ථාවේදී  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු සිය සතුට පළ  කළහ.
රෝහණදීර මහත්මිය කතානායකවරයා සමග අද මැති සබයට පිවිසුණේ  ප්‍රධාන දොරටුවෙනි.

හිටපු මහ ලේකම්  ධම්මික දසනායක මහතා සේවයෙන් විශ්‍රාම යන බව දැනුම් දෙමින් ඔහු එවා තිබූ ලිපියද කතානායක වරයා මෙහිදී කියවීය.

හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් සිදුවූ සේවාව කතානායකවරයා අගය කළේය.