නව මහ බැංකු අධිපති පත්වීම් ලබයි


නව මහ බැංකු අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලබා ගත්තේය.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට එක් විය.

ඔහු 1973 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සමග සම්බන්ධ වී ඇති අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාස නිලධාරියකු ලෙස  සේවය කර තිබේ.

1990 සිට 2008 දක්වා බ්‍රිතාන්‍යයේ  පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් ද මහලේකම්වරයාගේ කාර්යාලයයේ නියෝජ්‍ය අධ්‍යක්ෂණ ලෙස ද කටයුතු කර ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයයෙන් හා බ්‍රිතාන්‍යයේ හැරෝ විද්‍යාලයයෙන් අධ්‍යාපනය හැදෑරූ කුමාරස්වාමි මහතා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයෙන් මූලික උපාධිය ලබා සසෙක්ස් විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

01(41) 04(23)