(හසිත රංග ගුණතිලක)
නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ සුනන්ද කාරියප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (4) පත්කර තිබේ.
මාස දෙකකට අධික කාලයක් පුරප්පාඩුව පැවැති බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බලනු ලැබුවේ දහම් පාසල් කොමසාරිස් එච්.එච්.කුමාරි මහත්මිය විසිනි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන සුනන්ද මහතා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙසත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ලෙසත් කටයුතු කර පරිපාලන සේවයේ බොහෝ කාලයක් සේවය කළ අද්දැකීම් බහුල නිලධාරියෙකි.