නව බන්ධනාගාර නියාමක පත්වීම ලබාදීම ප්‍රමාදයි


(ජයන්ත සමරකෝන්)


රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වැයකර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවාගනු ලැබූ ආධුනික නියාමකයින් 1200කට පත්වීම් ලිපි ලබාදීම දැනට මාස 4ක් තිස්සේ ඇණහිට ඇතැයි වාර්තා වේ.


අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අදිසි හස්තයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද දැනගන්නට තිබේ.


රාජ්‍ය සේවාකොමිසමේ අනුමත බඳවාගැනීම් පටිපාටියට අනුව සිදුකර ඇතැයි කියන මෙම පත්වීම් ලබා නොදීමට එරෙහිව පත්වීම් අපේක්ෂාවෙන් සිටින 1200ක් දෙනා අධිකරණයට යාමට තීරණය කර ඇතැයි ද දැනගන්නට තිබේ.