සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) ශ්‍රී ලංකා පොලිසියේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩ බාරගත්තේය.
පොලිස්පති ධුරය සඳහා වික්‍රමරත්න මහතා නම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළ අතර ඉකුත් 23 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාව ඔහු ඔහු එම තනතුර සඳහා නිර්දේශ කළේය.
වසර 33 ක සිය සේවා කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියකු ලෙස නම් දරා සිටින වික්‍රමරත්න මහතා, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව අනිවාර්ය නිවාඩු යවා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, මේ වසරේ මාර්තු මාසයේදී එම ධුරයෙන් විශ්‍රාම ගත් අතර වික්‍රමරත්න මහතා දිගටම වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.
නොකඩවා මාස 19 ක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස සේවය කළ වික්‍රමරත්න මහතා, මින් පෙරද 13 වරක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.
-036

