නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩභාර ගනි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
සහකාර පොලිස් අධිකාරි නීතිවේදී පෙඩ්රික් උදය කුමාර වුට්ලර්  මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස අද(03)වන දා රාජකාරී ආරම්භ කළේය.
 
1968 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනි දින උපත ලබා ඇති ඒ මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස 1990 මැයි මස 24 වැනි දින පොලිස් සේවයට බැඳී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව ලබා ඇත.
 
එංගලන්තේ බකින්ග් හැම්ශයර් විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධිය ලබාගෙන ඇති ඒ මහතා  2015 වර්ෂයේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති අතර මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකි.