ලොව කිතුනුවන්ගේ ආගමික නායකයා වන මීළඟ පාප් වහන්සේ පත්කැර ගැනීම සඳහා කාදිනල්වරු රෝමයේ වතිකානුවේ ශාන්ත බැසිලිකාවේ දී මාර්තු මැද දී රැස්වීමට නියමිතය. කාදිනල්වරු 118 දෙකේ සිටිති. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා ද එම කාදිනල් මණ්ඩලයට අයත්වේ. ඔවුහු සියළු දෙනාම නව පාප් වහන්සේ තනතුරට සුදුසුකම් ලබති. මැල්කම් රංජිත් කාදිනල්තුමා වතිකානුවේ දේවධර්ම කටයුතු හා වතිකානුවේ පරිපාලනය පිළිබඳ සෑහෙන පළපුරුද්දක් ඇති විද්වතෙකි.
1947 නොවැම්බර් 15 වැනි දින පොල්ගහවෙල දී උපත ලද එතුමා රෝමයේ පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයෙන් දේවධර්මවේදය පිළිබඳ උපාධිය ලබා ඇත. පෙර අපරදිග භාෂා හයකට වැඩි ගණනක් ද හදාරා ඇත.
සොළොස්වැනි බෙනඩික් පාප් වහන්සේ දැනටමත් වතිකානුවේ පරිපාලනයෙන් ඉවත්ව සිටියි.