නව නීතිපති වශයෙන් ජයන්ත ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ 29 වැනි නීතිපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට බදාදා (10) ව්‍යවස්ථාදායක සභාව තීරණය කළේය. මීට පෙර එම තනතුරේ සිටි යුවන්ජන් විජේතිලක මහතා පසුගිය ජනවාරියේ දී විශ්‍රාම ගිය අතර පසුව නීතිපති තනතුරේ වැඩ බැලුවේ සුහද ගම්ලත් මහතාය.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවකු වන ජයන්ත ජයසූරිය මහතා 1979 වසරේදී නීති විද්‍යාලයට ඇතුළත්ව 1981 වසරේදී නීතිවේදියකු ලෙස දිවුරුම් දුන්නේය.
1983 වසරේ සිට රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධවී රාජකාරී කළ ඒ මහතා 2011 වසරේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස උසස්වීමක් ලැබුවේය.
ශ්‍රී ලංකාවේ මුල්ම නීතිපතිවරයා වනුයේ 1884 වසරේදී පත් කැරුණු ෆැන්සිස් ෆෙලෙමිං මහතාය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



