‘‘සයික්ලෝන් 2014“ නව නිපැයුම් තරඟාවලියෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන තුනක් දිනාගැනීමට ගාල්ලේ මහින්ද විද්‍යාලයීය සිසුන් කණ්ඩායමක් සමත්ව සිටිති. මේ තරඟාවලියට නව නිපැයුම් 265ක් ඉදිරිපත් කැර තිබිණි. උසස් පෙළ සිසුන්ට ද ඉදිරිපත් විය හැකිව තිබූ මේ තරඟයට මහින්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් පිරිසක් ඉදිරිපත් කර තිබූ මුහුදු ආසන්න සුළඟ උපයෝගීකරගනිමින් වායු සමනය කිරීමේ උපකරණයක්, මුහුදු ජලයෙන් විදුලිය නිපදවන විදුලි ජනන යන්ත්‍රයක් හා ආරක්ෂිත මාර්ග සංඥා පද්ධතියක් යන නිර්මාණ තුන ප්‍රථම ස්ථාන තුනක් දිනාගෙන ඇත. කොළඹ රාජකීය විද්‍යාලයීය නව නිපැයුම් සංගමය මේ තරඟාවලිය සංවිධානය කර තිබිණි.



