නව තෙල් පිරිපහදුවකට ජපානය අත ගහයි


 නව තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට ඩොලර්  කෝටි 250 ක ( රුපියල් කෝටි 31750 )  විදෙස් ණයක් ලබා ගැනීමට රජය සැලැසුම් කර ඇත.

 නව පිරිපහදුව ඉදිකිරීම මගින් පිරිපහදු කරන ලද  ඛණිජ  තෙල්  ශ්‍රී ලංකාවට ආනයනය  කිරීමේදී  වැය වන මුදල ඉතිරිකර ගැනිමට හැකි වනු ඇතැයි  ඛණිජ තෙල්  අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා   මහතා පවසයි.

 සපුගස්කන්ද   තෙල් පිරිපහදුවෙන්  ඇතැම්  රටවලින්  ලැබෙන ඛණිජ  තෙල් පිරිපහදු කර ගැනීමට  නොහැකි නිසා  නව තෙල් පිරිපහදු කිරීමට  රජයේ  අවධානය යොමුව තිබේ.

සපුගස්කන්ද  තෙල්  පිරිපහදුව වඩාත් යෝග්‍ය වන්නේ ඉරානයෙන්  ආනයන කරන ලද   ඛණ්ජ තෙල් පිරිපහදු කිරිම  කිරිමටය .

 නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානය  විසින් ඉරානයට  එරෙහිව පනවා ඇති  සම්බාදක නිසා  ශ්‍රී ලංකා රජයට  ඉරානයෙන් ආනයනය කරනා  ඛණිජ තෙල්   ප්‍රමාණය  සීමා කිරීමට සිදුව ඇත.

 මේ නිසා වෙනත් රටකදී  පිරිපහදු කරන ලද  ඛණිජ තෙල් ආනයන කිරිමට රජය කටයුතු කරන අතර  මෙය වියදම් අධික ක්‍රියාවලියකි.

 චීනය , දකුණු කොරියාව,ඉතාලිය,තුර්කිය  හා ඇමෙරිකාව  යන රටවල  ඛණිජ තෙල් ආශිත  සමාගම අතුරින් තෝරා ගැනීමට නියමිත සමාගමක් වන  ශ්‍රී ලංකාවේ  නව පිරිපහදුවක්  ඉදිකිරීමේ හැකියාව පිළිබදව මේ දිනවල සොයාගෙන යන බවද ඛණිජ  තෙල්  අමාතයවරයා සදහන් කරයි.

 ඉදිකිරිමට නායමිත නව පිරිපහදුවේන බ දිනකට තෙල් බැරල්  100,000 ක් පමණ  පිරිපහදු කර ගැනීමට අපේක්ෂිතය.