නව තානාපතිවරු දහතුන් දෙනෙක්


ඕස්ට්‍රියාව, ඉතාලිය සහ චීනයට, ඉන්දුනීසියාව, ජෝර්දානය හා මියන්මාරයට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක්  හා තානාපතිවරු  පත් කරනු ලැබ සිටිති.

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරියක වන ප්‍රියානි ජයසේකර මහත්මිය ඕස්ට්‍රියාවට ද, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වන කරුණාසේක කොඩිතුවක්කු මහතා චීනයට ද, ජ්‍යෙෂ්ඨ නීතීඥ දයා පැල්පොල මහතා   ඉතාලියට  ද පත් කර ඇත.

ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස දර්ශන පෙරේරා ද, ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ එල් එම් ලාෆීර් ද, මියන්මාරයේ තානාපති ලෙස කේ ඩබ්ලිව් එම් ඩී කරුණාරත්න මහතා ද පත් කරනු ලැබ සිටිති.

පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එම්.එෆ්.අන්වර් ද, සෞදි අරාබියට ඒ.එම්.තසීම්, සිංගප්පූරුවට නිමල් වීරරත්න, දකුණු අප්‍රිකාවට සුනිල් ද සිල්වා, තුර්කියට පී.එම්.අම්සාර් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නීතිඥ එස්.ජේ.මොහිදීන් යන මහත්වරු පත්කරනු ලැබ සිටිති. 

බ්‍රිතාන්‍යයට මහකොමසාරිස්වරයකු මෙතෙක් පත් කර නැත. කුමාර් සංගක්කාර එම තනතුර ප්‍රතික්ෂේප කළේය.