ඉතාලියේ නව ශ්‍රි ලංකා තානාපතිවශයෙන් නාවලගේ බෙනට් කුරේ මහතා මාසයකින් පමණ වැඩ බාර ගැනීමට නියමිතය. ඔහු දැනට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිය. ඉතාලි රජයේ අනුමැතිය ලත් ලිපිය අද දින ලැබුණු බව ඔහු පැවැසීය. රෝමතානාපති කාර්යාලය පිලිබදව එසැණින් පළවන පුවත් දකින බවද එයින් යම්වැටහිමක් ලබාගෙන ඇති බවත් රෝමයට පැමිණෙන සෑම දෙනාගේම සහයෝගයෙන් විධිමත් තානාපතිසෙවයක් ලබා දිමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.