නව තාක්ෂණය සිසුවාට මරාලයක්


ප්‍රමාණවත් නින්දක් නොලැබීම සිසුන්ගේ ගණිත හා විද්‍යා හැකියාවන් මොට කරන බව මෑතක කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ. රූපවාහිනිජංගම දුරකතන හා පරිගණකවලට ඇබ්බැහිවී සිටින සිසුනට වැඩි වශයෙන් නින්ද ප්‍රමාණවත්ව නොලැබෙන බවත් ඇමරිකාවේ එම පිරිස ඉතා ඉහළ බවත් එම පර්යේෂණය පෙන්වා දෙයි.

ඇමරිකාවේ වයස අවුරුදු 9-10 ත් අතර සිසුන්ගෙන් සියයට 73කට ප්‍රමාණවත් නින්දක් නොලැබෙන බවත් වයස 13-14ත් අතර සිසුන්ගෙන් සියයට 30කට ප්‍රමාණවත් නින්දක් නොලැබෙන බවත් එම පර්යේෂණ හෙළිකරයි.

ඇමරිකාවට අමතරව නවසීලන්තය සෞදි අරාබිය එංගලන්තය අයර්ලන්තය පින්ලන්තය  සහ ප්‍රංශය යන රටවල සිසුහු මෙම නින්ද ප්‍රමාණවත් නොවීමේ තත්ත්වයට මුහුණ පාති. අසර්බයිජානය කසකස්ථානය චෙක් ජනරජය මෝල්ටෝවා සහ ජපානයේ සිසුන් ප්‍රමාණවත් නින්දක් ලැබීම නිසා ගණිත සහ විද්‍යා ප්‍රතිපල වැඩි වශයෙන් පෙන්වන රටවල් බවත් ආසියාවද හොඳ තත්ත්වයේ පසුවන බවත් එම පර්යේෂකයන් කියයි.