නව ත්‍රස්ත පනත නුදුරේදීම කෙටුම්පත් වෙයි


(අංජුල මහික වීරරත්න)

නව ත්‍රස්ත විරෝධී පනත නුදුරේදීම කෙටුම්පත් කර අවසන් කිරීමට හැකි බව කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසීය.

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී රැස්විය.

මෙම සාකච්ඡාව සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අසංග කරවිට, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියමුන්ති පීරිස්, ආරක්ෂක අමාත්‍යාංශයේ නීති නිලධාරීන්වන, මේජර් ජනරාල් සඳුන් ගුණවර්ධන, ලුතිනන් කර්නල් K.N.S.මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු ඇතුළු උසස් නිලධාරීහු සහභාගි වූහ.

නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන්වු කමිටුව මේ වන විට 14  වතාවක් රැස්ව තිබේ. කමිටුවේ මීළඟ සාකච්ඡාව ලබන 22 වන දින රැස්වීමට නියමිතයි.