නව ගුවන් හමුදාපති නිළයට පත් එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා එම නිළයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට ආරකෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය සහ යුධ හමුදා පති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන්ව නිළ වශයෙන් අද හමුවුුවේය.
අද උදෑසන ආරකෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයට ගිය නව ගුවන් හමුදාපතිවරයා එහිදී ආරකෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය මහතා හමුවීමෙන් අනතුරුව දෙදෙනා අතර සමරු පලක හුවමාරු කර ගත්හ.
ඉන් අනතුරුව යුධ හමුදා මුලස්ථානයට ගිය නව ගුවන් හමුදාපතිවරයා එහිදී යුධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක මහතාවද හමුවිය. ඔවුනොවුන් අතරද සමරු පලක හුවමාරු කරගත්හ.

