ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමණාකරු ලෙස ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ ක‍්‍රිකට් නිලධාරියකු වන මයිකල් ද සොයිසා මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ කළමණාකරු ලෙස වසරකට අධික කාලයක් කටයුතු කළ චරිත් සේනානායක මහතාගේ සේවය අත්හිටුවීම නිසා එම ධූරය පුරප්පාඩු විය.