කොටි සංවිධානයේ නව නායක කදීපන් පොන්නයියා සේලවනායගම් හෙවත් ගෝබි හා නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් සහ සුන්දරලිංගම් කයිපන් හෙවත් තේවියන් යන තිදෙනොගේ අවමගුල් හින්දි චාරිත්‍රානුකූලව නෑදෑයින් හා පොලිසියේ පමණක් සහභාගිත්වයෙන් රජයේ වියදමින් අනුරාධපුර පොදු සූසාන භූමියේදී අද සවස සිදු විය.
කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් රාජා මහේන්ද්‍රන් රාජා මහතාගේ නියෝගය අනුව අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කුමාර සේනානායක මහතා පස්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.
මිය ගිය අයගේ සිරුරේ ලේ සාම්පල් ඇතුලු කොටස් වැඩිදුර පරික්ෂණය සඳහා ලබාගෙන පදවිය පොලිසියට බාර කෙරිණි.
මාධ්‍යවේදීන්ට කනත්තට ඇතුලුවීමට පොලීසිය ඉඩ දුන්නේ නැත.
අනුරාධපුර කදිරේෂන් කෝවිලේ ඥානචන්ද්‍රන් කුරුක්කාල් තුමා කපුරු දල්වා හිංදි සිරිතට අවමගුල් චාරිත්‍ර සිදු කළේය.
ගෝබිගේ බිරියද පැමිණ සිටියාය.

