සංසරණය සඳහා නව කාසි කාණ්ඩයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (27) සඳහන් කළේය.
මේ අනුව කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන්කර හඳුනාගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇතිව මුහුණත වටිනාකම රුපියල්, 10, 5 , 2 සහ 1 යන කාසි වර්ග හතරින් යුත් නව කාසි කාණ්ඩායක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෙහි පළමු කාසි ඇසුරුම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055


