(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අගමැතිවරිය එසේ කීවේ නව කතානායකවරයාට සුභපැතුම් එක් කරමිනි.
"ජනතාව බලාපොරොත්තු වන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව ජනතාවට වග වන පාර්ලිමේන්තුවක ආදර්ශය මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙනවා.ඒ ආදර්ශය මත ඔබ වැඩ කරන බව අපට විශ්වාසයි.එය කරගෙන යාමට ඔබට ශක්තිය ලැබේවායි අප අප ප්‍රාර්ථනා කරනවා" යැයි අගමැතිවරිය කීවාය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මහතා ද කතානායකවරයාට සුබ පැතීය.