නව ඇමැතිට සුබ පතන්න බැනර් විකුණයි


තෙල් සංවර්ධන ඇමැති ලෙස පත්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාට සුබ පැතීමට සැකැසූ බැනර් කුරුණෑගල තෙල්හල්වලට විකිණී යැයි කියන සංස්ථා සේවක පිරිසක් ගිරිඋල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
බැනරයක මිල රුපියල් දහසකි. බැනර් විකුණා ලබා ගත් මුදල් ආපසු ගෙවන ලෙස ද, අත්අඩංගුවට ගත් සේවකයන් අවවාද කර මුදා හරින ලෙස ද ඇමැති යාපා පොලිසියට උපදෙස් දුන්නේය.