13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාදක කරගමින් අලුත් ව්‍යවස්ථාවක් සකසන බවත්, එය ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තුවේ සභා නායක උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ අද පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නව ව්‍යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බවට විදේශ ඇමැතිවරයා විදෙස් මාධ්‍යවලට කර ඇති ප්‍රකාශයේ සත්‍යාසත්‍ය බව වීරවංශ මහතා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා කීවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමේ රජයේ තීරණය බවයි. ඊට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහායද ලැබෙන බව ඔහු කීවේය.

