නලින්ගෙන් පුණ්‍ය කටයුත්තක්


2017-01-13-ent-64

මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් මේ මස 22 වැනිදා වෙනස්ම ආරක ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ Kings of 70s by Marians නමින් නම් කරලයි තියෙන්නේ. මෙම ප්‍රසංගයේදී සී.ටී. ප්‍රනාන්දු, ජෝති සහ ක්ලැරන්ස්ගේ ගීත තමයි මෙහිදී ගායනා කරනු ලබන්නේ. මෙම ප්‍රසංගයේ තවත් විශේෂයක් තියෙනවා. ඒ කියන්නේ, මේ ප්‍රසංගය මේරියන්ස් සංගීත කණ්ඩායම සඳහා මුදල හම්බකිරීම සඳහා නොවන බවයි.

මේරියන්ස් නායක නලින් පෙරේරා අපට පැවසුවේ, “මේ ප්‍රසංගය පවත්වන්නෙ වැලිකන්ද මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් පානීය ජලය පිරිසුදු කිරීමේ යන්ත්‍ර 02ක් ලබා දෙන්න අපි තීරණය කළා. මෙම ප්‍රසංගයෙන් ලැබෙන මුදල මේ වෙනුවෙන් වැය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ නිසයි මම මේ සඳහා මැදිහත් වෙලා කටයුතු කරන්නේ” යනුවෙනි.

 

2017-01-13-ent-65
2017-01-13-ent-63
2017-01-13-ent-62