නල්ලතන්නියේ වතුර බොන්න එපා


හැටන් මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ යන වන්දනාකරුවන් රිකාටන් සිට නල්ලතන්නිය දක්වා වන කිසිම ස්ථානයකින්, කිසිම හෝටලයකින්, අවන්හලකින්, ජල කරාමයකින් හෝ වෙනත් ජල මූලාශ්‍රයකින් වතුර නොබොන ලෙස නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා අනතුරු අඟවයි.

නල්ලතන්නියෙන් මුදා හැරෙන ජල මූලාශ්‍රවලට මිනිස් මළවලින් හට ගන්නා ඊකෝලා බැක්ටීරියාව මිශ්‍රවීම ඊට හේතුව බව මහ දිසාපති කියයි.

සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම ජල සාම්පල කොළඹට යවා ලබා ගත් වාර්තා අනුව කුමාරිසිරි මහතා මේ අනතුරු ඇඟවීම කරයි.

තමන්ගේ ප්‍රයෝජනය සඳහා පිරිසිදු පානීය ජලය රැගෙන එන ලෙස ඔහු වන්දනාකරුවනට අවවාද කරයි.