හැටන් ශ්‍රී පාද මාර්ගයේ නල්ලතන්නිය පුජා නගරයක් සේ සංවර්ධනය කරන බව ශ්‍රී පාදස්ථානාධිපති හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පවසති.
හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ දී නාහිමියෝ ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා හමු විය.
දෙස් විදෙස් වන්දනාකරුවන් සඳහා නල්ලතන්නියේ පහසුකම් සැළැසීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වී සිටියි.
පැල්මඩුල්ලේ සිට වසරකට දෙවරක් ශ්‍රී පාද පද්මයට වැඩම කරවන සමන්දෙවි පිළිරුව තැන්පත් කිරිම සඳහා වන විශේෂ පිඨිකාවක් නල්ලතන්නි බෞද්ධ මධ්‍යස්ථානය අසල ඉඳි කිරීමටද ඇමැති කොණ්ඩමන් මහතා ඉදිරිපත් වී සිටි.

