නරියෙක් දරුවාගේ අත සපා කයි


දඩාවතේ යන නරියකු ලන්ඩනයේ බ්‍රොම්ලි නගරයේ නිදා සිටි අත දරුවකුගේ ඇඟිල්ල වෙන් වන තරමටම සපාකා ඇතැයි ලන්ඩන් පුවත්පත් කියයි.

දරුවාගේ වයස මාසයකි.

කුණු බාල්දිවල ආහාර කෑමට කුරුල්ලන් හා නරියන් පුරුදු වී සිටිතියි කියති.

බ්‍රිතාන්‍යයේ නරි දඩයම තහනම් නිරීමත් සමග නගරබද හිස් බිම්වල නරියන් මෙන්ම හාවන් ද බෝවීම වැඩි වී තිබේ.

මවගේ කෑගැසීම නිසා මෙම නරියා පැණ ගිය අතර දරුවාගේ ඇඟිල්ල යළි යතාතත්ත්වයට පත් කිරීමට වෛද්‍යවරු උත්සාහ ගනිති.