නර්තනයෙන් ජාත්‍යන්තරය ජයගත් පරිගණක ඉංජිනේරුවා


12235587_803205283123430_1249847081_o

1510589_1697634793796531_327477444330552557_n-(1)  10885294_1538494029770711_1887529336953683325_n 10898049_1674795572747120_1572428699046989396_n 10985537_1697634813796529_1414328442773897086_n 11010291_1773527326207277_2842260615903897825_n 11836672_1782431458650197_8956951726934072374_n 11934969_787364441377208_5574365284895052131_n   fgfd  IMG_8039  yt

 

12212194_940820319322891_1155272093_n

දේශීය නර්තන ක්‍ෂේත‍්‍රයට පොපින් ඩබ්ස්ටෙප් (Popping  Dubstep) නව නර්තන ශෛලියක් හඳුන්වා දෙමින් ඒ හරහා ඔහුගේම නර්තන වින්‍යාසයකින් කරළියට පැමිණි ඔහු මේවනවිට ‘පොපින් නිකුම්’ නම් අන්වර්ථ නාමයෙන් ප‍්‍රසිද්ධියට පත්වී ඇත.  නමින් නිකුම් නිර්මාල් විමුක්ති පෙරේරා වන ඔහු තම නව නර්තන ශෛලිය හා ඔහුගේ කලා කටයුතු පිළිබඳ ‘රසවින්දන’ට අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.  

 


‘‘පොපින් ඩබ්ස්ටෙප් (Popping  Dubstep) නර්තන  ශෛලිය 1960-1970 වර්ෂවලදී කැලිෆෝනියාවෙන් ආරම්භ වූ අතර මේවනවිට ලෝකයේ දියුණු රටවල ඉතාමත් ජනපි‍්‍රය නර්තන ශෛලියක් ලෙස පත්වී තියෙනවා. අපිට  ඕන වුනේ ජාත්‍යන්තරයේ තිබෙන තරගකාරී නර්තන වින්‍යාසයක් ලංකාවට හදුන්වා දීමයි. ඒ අනුව 2006 වර්ෂයේ සිට අන්තර්ජාලය හරහා අපි මෙම නර්තනය ශෛලිය පිළිබදව ජාත්‍යන්තර නර්ථන ශිල්පීන්ව අනුගමනය කරමින් අධ්‍යයනය කටයුතුවලට නිරතවුණා. ඒ අතරතුර තමයි 2009-2010 වර්ෂවලදී ඉන්ටනැෂනල් නර්තන ශිල්පියකු වන සතිශ් හෙට්ටිතන්ත‍්‍ර ලංකාවට පැමිණ වැඩමුළු කළේ. එහිදී අපේ අඩුපාඩු හදාගැනීමට මනා පිටුවහලක් වුණා. 

IMG_3174-copy
ඒ අනුව පොපින්, ඩබ්ස්ටෙප් හා ටටින් යන යන විවිධ ශෛලිය එකතු කරමින් මටම ආවේණික වෙනම ශෛලියක් ගොඩනගා ගැනීමට මට හැකිවුණා.  මේ වනවිට ලංකාව තුළත් පොපින් ව්‍යාප්තවෙමින් යනවා. එහි ඉගැන්වීම් කටයුතු මා ඇතුලූ තවත් 5 දෙනෙක් තමයි මෙහි මූලිකව කටයුතු කරනවා. මේවනවිට අප අනුගමනය නර්තන ශෛලිය අනුගමනය කරමින් පුරුදු පුහුණුවන කණ්ඩායම්ද බිහිවෙලා තියෙනවා.  මම මේවනවිට රාවතාවත්ත මධුර ඩාන්සින් ස්ටුඩියෝ නර්තන ආයතනයේ ඉගැන්වීම් කටයුතුවලද නිරත වී සිටිනවා.   


මුලින්ම අපි පුරුදු පුහුණු වීම් කටයුතුවල නිරත වෙනකොට සමහර අය  හිතුවේ අපිට පිස්සු, රස්තියාදු කාරයෝ කියලා. අද ඒ සැමටම අපිට පිළිතුරක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අද ඔවුන් අපිව ආදරයෙන් වැළද ගන්නවා. මෙහිදී විවිධ විලාසිතා අනුගමනය කරමින් විවිධ චරිත අප තුළින් ඉස්මතු වුණත් නර්තන ශිල්පියාගේ ඇතුළාන්තයෙන් සිටින්නේ වෙනත්ම පුද්ගලයෙක්. සෑම රටකම සතියකට සැරයක්වත් ඩාන්සින් තරගාවලි දක්නට ලැබෙනවා. එය ලංකාවේ දක්නට නොලැබුණත් වර්තමානය වනවිට විවිධ ආයතන මගින් නර්තන තරගාවලි පැවැත්වෙනවා. එය සතුටට කරුණක්. ලංකාවේ පැවැත්වුණු IDS-2014 තරගාවලියෙන්ද  Chalenge -2  තරගාවලියෙන්ද ජයග‍්‍රහණ ලබාගෙන තිබෙන අතර 2015 පැවැත්වූ Chalenge-3  තරගාවලියෙන් ශූරතාවද ලබා ගැනීමට හැකිවුණා. 

 


 2016 ජනවාරි මාසයේ සිට  සිරස ඩාන්සින් ස්ටාර් අවසන් අටදෙනාට තේරුණු පිලිප් ජොයෙල් පීටර් සමග එකතු වී ''Life Is Dance Academy'' නමින් නර්තන ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. Aviator Colombo  ආයතනය විසින් දෙසැම්බර් මස පවත්වනු ලබන ‘‘Battle Meania’’ තරගාවලියේ විනිශ්චයකරුවකු ලෙසද කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 


මම පුද්ගලික ආයතනයක පරිගණක ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් කරනවා. ඉතින් නර්තනයයි රැකියාවයි සමබරව ගෙන යාමට සේවය කරන ස්ථානයේ සෑම සාමාජිකයෙන්ගෙන්ම ලැබෙන්නෛ් උපරිම සහයක්. මගේ එකම අරමුණ ලෝක නර්තන තරගාවලියකට සහභාගි විමයි.

https://www.facebook.com/PoppingNikum

 

10013352_1697634583796552_3722246133627413631_n 10425404_1697634750463202_2206860842449837158_n 10647033_10207715113895325_7870859363395659389_n 10806255_785240508223389_8182370009443412227_n

 

 

 

m