ප්‍රසාද් රුක්මල් )
ඓතිහාසික දෝව රජමහා විහාරස්ථානයේ පෙරහරට සහභාගි වූ නර්තන කංඩායමක සිසු සිසුවියන් රැගත් වෑන් රථයක් අද (14) අලුයම බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි දේවාලය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටීමෙන් නර්තන ගුරුවරයකු ඇතුලු සිසුන් 11 දෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ කලා ආයතනයක නර්තන ගුරුවරයකු සහ සිසුන් පිරිසක් යැයි පොලිසිය කීය .
තුවාල ලැබුවන් අතර සිසුවියන් 8ක් සහ සිසුන් 2ක් සිටින බවත් මොවුන්ගෙන් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

