නිසි උෂ්ණත්වයෙන් ශීතකරණයේ ගබඩා නොකිරීම නිසා මිනිස් පරිභෝජනයට නොසුදුසු යෝගට් 1296ක් විනාශ කරන ලෙස මැදවච්චිය අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කර යොගට් බෙදා හැරීමේ නියෝජිතයාට රුපියල් 6000ක දඩ නියම කළේය.
රඹෑව යාය දෙකේ සුසන්ත ජයලාල් ගුණතිලකට එසේ දඩ නියම විය.
මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී ආර් විජේරත්න මහතාගේ උපදෙස් මත මැදවච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් කේ අබේපාල මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.