නරක්වූ පිටි වනසයි


මිනිස් ආහාරයට නුසුදුසු තිරිඟු පිටි කිලෝ 16,000කට අධික තොගයක් විනාශ කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.

එම පිටි ගබඩා කර තැබීයැයි කියන වතු අධිකාරිවරුන් දෙදෙනකු ඇතුළු 6 දෙනකුට රුපියල් 3500 බැගින් දඩද නියම කළේය.